NVQ දීමනාවට මොකද වෙන්නේ ?
 
ලංකා විදුලිබල මණ්ඩලයේ ආධුනිකත්ව පුහුණුලාභී සේවකයින් වෙනුවෙන් කිසිදු පටු අරමුණක් නොමැතිව ලංවිම දයාබර සේවකයින් සේ සලකමින් එදා සිට අද දක්වා හඩ නගන අප සංගමය ඔවුන් ස්ථිර සේවයට බදවාගන්නා ලෙස දිගින් දිගටම සටන් කල අතර තවදුරටත් අප සංගමයේ මතය වනුයේ ආධුනිකත්ව පුහුණුලාභීන් ලංවිම ස්ථීර සේවයට බදවාගෙන මූලික වැටුපක පිහිටවිය යුතුය යන්නයි. 
 
ඒ සටන ජයගන්නා තුරු දැනට දෛනික දීමනා ලබන සියලුම සේවකයින් වෙත 2021 තෛ වාර්ෂික වැටුප් වැඩිකිරීමට සමගාමිව දෛනික දීමනා වැඩිකිරීම වෙනුවෙන් අප පෙනී සිටියෙමු. එහි ප්‍රතිපලයක් ලෙස වැටුප් කමිටුවක් පත්කෙරින. එහෙත් ඒ කමිටු වාර්තාව නිකුත් කර මාස 5 තිස්සේ එය සාමාන්‍යාධිකාරී ශාඛාවේ සැගවීගියේ කාගේ උවමනටද යන්න අදටත් රහසකි. 
 
කෙසේවුවත් අප සංගමයේ උනන්දුව නිසාම අතුරුදහන් වූ වාර්තාව සොයාගන්නට නිලධාරීන්ට හැකිවිය. වාර්තව සොයාගත් පසුදිනම එයට අදාල අධ්‍යක්ෂ මණ්ඩල පත්‍රිකාව සකසන්නට තරම් ලංවිම ප්‍රතිපත්ති ශාඛාව වේගවත්විය. එහෙත් දැන් එය අධ්‍යක්ෂ මණ්ඩලය වෙත යොමුකර මාසයකට ආසන්න වේ.
 
 
එහෙත් උක්ත පත්‍රිකාවට සිදුවූයේ කුමක්ද ? 
 
වැටුප දිනාගන්න තුරු අප සටන අත් නොහරින්නෙමු.
 
මේ මොහොතේ සටන ජයගන්නට වීදී බසින්නට පාලකයන් පාර කපයිද ?
 
අප බලාසිටිමු...........
 
සැමගේ ඉවසීම නිවටකමක් නොවේ......
 
මාධ්‍ය ඒකකය 
ලංකා විදුලිබල මණ්ඩලයේ කාර්මික ශිල්පීන්ගේ සංගමය 
2022 මාර්තු 27