රාජ්‍ය ප්‍රතිපත්තිය අනුව යමින් ලංකා විදුලිබල මණ්ඩලයේ සේවකයින්ගේ විශ්‍රාම වයස අවුරුදු 61 දක්වා දීර්ඝ කිරීමේ පලමු අදියර ලෙස ඉංජිනේරූ සේවයේ වෘත්තීකයින් සදහා විශ්‍රාම වයස 61 දක්වා දීර්ඝ කිරීමට චක්‍රලේඛය පසුගියදා නිකුත් කරන ලදී. පසුව ලංවිම සභාපතිතුමන් වෘත්තීය සමිති වෙත පොරොන්දු වූයේ අනෙකුත් සේවකයින් වෙතද මෙය ලබාදෙන බවයි. එහෙත් ඉංජිනේරු සංගමය හා පාලනාධිකාරිය අතර මේ පිලිබද මත ගැටුමක් ඇතිවී තිබින එයට මූලිකවුයේ සාමාන්‍යාධිකාරීතුමන් ගේ විශ්‍රාම වයස 61 දක්වා දීර්ඝ කිරීමට ඉංජිනේරූ සංගමය විරෝධය පලකිරීමයි. අවසනයේ මෙම ගැටලුව විධායක දක්වාම ගිය අතර එහිදී අතිගරු ජනාධිපතිතුමන් දැන්වුවේ අභ්‍යන්තර ගැටලු අභ්‍යන්තරයේ විසදාගන්නා ලෙසයි.එහි ප්‍රතිපලයක් ලෙස විදුලිබල අමාත්‍යතුමා , අමාත්‍යංශ ලේකම්තුමිය ,සභාපතිතුමන් ,උප සභාපතිතුමන් ,සාමාන්‍යාධිකාරීතුමන් අතර පැවති සාකච්ඡාවක ප්‍රතිපලයක් ලෙස ලංවිම සියලු සේවකයින්ගේ විශ්‍රාම වයස 61 දක්වා දීර්ඝ කිරීමට ගත් තීරණය වහා අවලංගු කිරීමට විදුලිබල අමාත්‍යතුමා අමාත්‍යංශ ලේකම්තුමියට නියෝගකර ඇත. - මාධ්‍ය ඒකකය , ලංකා විදුලිබල මණ්ඩලයේ කාර්මික ශිල්පීන්ගේ සංගමය