2021 - 2023 ත්‍රෛ වාර්ෂික වැටුප් වැඩිකිරීමට අදාලව වෘත්තීය සමිති ප්‍රතික්ෂේප කල සාමූහික ගිවිසුම පිලිබද සාකච්ඡා යලි කරලියට පැමිණ තිබේ. 2021 දෙසැම්බර් මසදි ගෙවීමට නියමිත ප්‍රසාද දීමනා හා ජනවාරි මස ගෙවීමට නියමිත දිරි දීමනා ගෙවීමටනම් උක්ත ගිවිසුමට වෘත්තීය සමිති අත්සන් කලයුතු බවට යෝජනා කර ඇත. ඒ වෙන්වෙන් අප සංගමය ලිපියක් මගින් මෙසේ ප්‍රතිචාර දැක්වුවෙමු. කෙසේවුවද අප ප්‍රතිපත්තිගරුක වෘත්තීය සමිතියක් ලෙස සාමූහික ගිවිසුම අත්සන් කිරිම වෙනුවෙන් අපගේ කොන්දේසී කිසිදු වෙනසක් කර නැත. තාක්ෂණික සේවකයින් වෙත අවදානම් දීමනාව ගෙවිමට අදාල වගන්ති එකතු කිරිම , උසස්වීම් හා බදවාගැනිම් පඨිපාටියට අදාල වගන්තියේ සංශෝධන ඇතුලු සාධණීය කරුණු යෝජනා වෙනුවෙන් පාලනාධිකාරිය දක්වන ප්‍රතිචාර මත අප සංගමය සාමුහික ගිවිසුම අත්සන් කිරීම නොකිරීම තීරණය වනු ඇත. - මාධ්‍ය ඒකකය ලංකා විදුලිබල මණ්ඩලයේ කාර්මික ශිල්පීන්ගේ සංගමය