රජය විසින් විශ්‍රාමික වයස් සීමාව 62 දක්වා ඉහල දැමීමට ගත් ප්‍රතිපත්තිමය තීරණය මත ලංකා විදුලිබල මණ්ඩලයද විශ්‍රාමික වයස 62 දක්වා ඉහල දැමීය. එසේ තිබියදි ලංවිම සියලු සේවකයින්ට හිමි උක්ත අයිතිය ලංවිම සාමාන්‍යාධිකාරීතුමන්ට හිමි නොවන බව සදහන් කරමින් ලංවිම ඉංජිනේරු සංගමය  එයට විරෝධය පලකරන ලදී.

එවන් තත්වයක් තුල පසුගියදා විදුලිබල අමාත්‍යවරයා විසින් හිටපු සාමාන්‍යාධිකාරී එම්.ආර්.රණතුංග මහතා ජනවාරි 13 සිට විශ්‍රාම ගන්වා ලිපියක් යොමුකර තිබූ අතර එය අභියෝගයට ලක්කරමින් හා  සමස්ථ රාජ්‍ය සේවකයින්ට හිමි අයිතිය තමන්ටද ඉල්ලා අධිකරණයට ගියේය. එමෙන්ම අතිරේක සාමාන්‍යාධිකාරී ආචාර්ය රොහාන්ත අබේසේකර මහතා තමන් සාමාන්‍යාධිකාරී  තනතුරට පත්කරන ලෙස ඉල්ලා අධිකරණය ඉදිරියය ගියේය. ප්‍රතිපලය ආචාර්ය රොහාන්ත අබේසේකර මහතාගේ ඉල්ලීම අධිකරණය ප්‍රතික්ෂේප කල අතර හිටපු සාමාන්‍යාධිකාරී එම්.  ආර්.රණතුංග මහතාගේ ඉල්ලීම සලකාබැලීමට අධිකරණය තීරණය කලේය.

ඒ අනුව පසුගිය 12 වන බ්‍රහස්පතින්දා ගරු අධිකරණය තීත්දුව ලබාදෙමින් කියා සිටියේ හිටපු සාමාන්‍යාධිකාරී එම්.ආර්.රණතුංග මහතා විශ්‍රාම ගැනිම අවලංගු කරන ලෙසත් එතුමා ලංවිම සේවයේ පිහිටුවීමටත්. ලංවිම සාමාන්‍යාධිකාරී පත්කිරිමේ බලය අධ්‍යක්ෂ මණ්ඩලයට පවරන ලදී. ඒ අනුව පසුගිය 13 වෙනිදා රැස්වූ ලංවිම අධ්‍යක්ෂ මණ්ඩලය ලංවිම වැඩ බලන සාමාන්‍යාධිකාරී ලෙස හිටපු අතිරේක සාමාන්‍යාධිකාරී ආචාර්ය සුසන්ත පෙරේරා මහතා පත්කරනු ලැබීය. 

කෙසේවුවද එම්.ආර්.රණතුංග මහතාගේ පත්කිරීම වැලැක්වීමට උත්සාහ කලසේම වැඩ බලන සාමාන්‍යාධිකාරී තනතුරට ආචාර්ය සුසන්ත පෙරේරා මහතා පත්කිරීමටද මේ වනවිට ලංවිම ඉංජිනේරූ සංගමය විරෝධය පලකරන බව වාර්තාවේ. 

ඉතිහාසයේ මෙන් අදද රටේ ජනාධිපතිවරයාගේ සිට සියලු පාර්ශව වෙත අසත්‍ය තොරතුරු සපයමින්. විදුලිය පිලිබද බිල්ලකු මවමින් ලංවිම ඉංජිනේරූ සංගමය වර්තමානයේ සිදුකරන්නේද රට උකසට තබා තම අරමුණු ඉටුකරගැනිම වෙනුවෙන් එකාධිපති ගමනක් යාමටය.ඉතිහාසය පුරා ඔවුන්ට අවනත සාමාන්‍යාධිකාරීවරු පත්වු අතර ඒ හරහා ලංවිම අරාජික තත්වයට පත්කල අතර පත්වන සෑම රජයක්ම අපහසුතාවයට පත්කලේය. එහෙත් එම්.ආර්.රණතුංග මහතාගේ පත්වීම සමග ඉංජිනේරු සංගමයට මරු පහරක් එල්ලවූයේ ඔවුන්ගේ අරමුණු වලින් පරිබාහිරව එතුමා පහල සේවකයින්ගේ අරමුණු වෙනුවෙන් පෙනිසිටීම නිසාය. මේ අතර වාරයේ ඉංජිනේරු සංගමයේද දෙදරීමක් සිදුවිය. මෙයද තවත් අතුල් පහරක්විය. මේ සමග ඔවුන් සැලසුම් කල සියලු උපාය මාර්ග අඩපණ විය. ඒ අනුව ඔවුන්ට අවනත සාමාන්‍යාධිකාරීවරයකු පත්කරගැනීම වෙනුවෙන් සටන් කරමින් සිටී. එය කොතරම් දුරට සාර්ථක වන්නේද තීරණය වන්නේ ලංවිම වත්මන් සභාපතිතුමන් ප්‍රමුඛ අධ්‍යක්ෂ මණ්ඩලයේ තින්දු තීරණ අනුවය. 

ඉතිහාසයේ ඇතැම් අධ්‍යක්ෂ මණ්ඩල හැසිරීම් පිලිබද අපගේ පැහැදීමක් නැති අතර වත්මන් අධ්‍යක්ෂ මණ්ඩලයේ කොන්ද පිලිබද තීරණය වන්නේද මේ පිලිබද ගන්නා තීරණය මතය.

ලංවිම සාමාන්‍යාධිකාරී තනතුරට පත්වන්නා කවුද යන්න අපට ගැටලුවක් නැත. ලංවිම සාමාන්‍යාධිකාරී තනතුරට පත්වන්නා එක් පැලැන්තියක ඉත්තෙක් නොවිය යුතුය. ලංවිම පහල සේවකයින් පිලිබද කාරුණික වියයුතුය. වෘත්තීය සමිති සමග සහයෝගය තිබිය යුතුය. ඒකාධිපති නොවියයුතුය. ලංවිම ඉහලින් ඔසවා තැබිය යුතුය. එසේ නොමැතිව එක් පාර්ශවයක වෘත්තීය අරමුණු ඉටුකිරීම හා සේවක පලිගැනීම් සිදුකිරීම සදහා පමණක් පත්වන්නේනම් එය හෙලාදකින අතරම මහජන මුදලින් නිදහස් අධ්‍යාපනයෙන් උගත් අයකු ලෙස  පත්වන සාමාන්‍යාධිකාරීවරයා රටට හා තමන්ගෙ දරුවන්ට කොතරම් ආදරේ යන්න මැනබැලිය හැකි අවස්ථාවක් වනු ඇත. 

රට ඉදිරියේ ප්‍රශ්න ගොඩකි.

ඩොලර් කෝ ? 

ගල් අගුරු ඩීසල් ගෙන්වන්නේ කෙසේද ?

රටට පැය 24 විදුලිය දෙන්නේ කෙසේද ?

පුනර්ජනනීය බලශක්තිය වෙනුවෙන් ඉංජිනේරුවන් කරන්නේ මොනවාද ? 

ඉංජිනේරූ සංගමයේ ඇතැම් නිලධාරීන්ට ප්‍රශ්න ගොඩකි

පහල එකාට පහරදෙන්නේ කෙසේද ?

බදවාගැනිම් උසස්වීම් පටිපාටිය අනුමත කරගන්නෙ කෙසේද ?

පොඩි උන් Es වෙන එක නවත්වන්නේ කොහොමද ?

සාමාන්‍යාධිකාරී මාරුකර තම පදයට නටන අයකු පත්කරගන්නේ කෙසේද ?

හදිසි මිලදී ගැනීම් වලට පාර හදාගන්නේ කොහොමද ?

වසරකට නවකයින් 200 බදවාගන්නේ කෙසේද ?

හෙට වැඩ තහනම් කරන්නේ කාගේද ?

සාමාන්‍ය සේවකයාට ප්‍රශ්න ගොඩකි

විදුලිය කපනකොට මිනිස්සු බනින එකෙන් ගැලවෙන්නේ කොහොමද ?

පුහුණුව දෙන්නේ කවදාද ?

උසස්වීම් ගන්නේ කොහොමද ?

තෘප්තිමත්ව ආයතනයට සේවය සපයන්නේ කොහොමද ?

ස්ථානමාරුවීම් යන්නේ කවදාද ?  

ඊලග පැය මොන ප්‍රශ්නයකට තමන් හිරකරයිද ?

බුද්ධිමත් ඔබ මොහොතක් සිතන්න........

සැබෑ අරමුණු වෙනුවෙන් ලංවිම ඉදිරියට යන්නටනම් පටු අරමුණු පසෙකලා එක්විය යුතු මිස වෘත්තීය අරමුණු හෝ කොමිස් කුට්ටි වෙනුවෙන් ආත්මය පාවදීම සිදුනොකලයුතුය.(තම වෘත්තීය ගරුත්වය රැකගෙන අභිමානවත් ලෙස සේවකයින් සමග සුහදව කටයුතු කරන උගත්කමට එහා ගිය මනුස්සකම පිරි බුද්ධිමත් ඉංජිනේරූ මහතුන්ට මහත්මීන්ට අදාල නොවේ)

ඉතිහාසයේ තීරණාත්මක තැනකට ලංවිම පැමිණ ඇත. තාක්ෂණික සේවකයින් එකා මෙන් එක්වෙමින් මේ අභියෝග සියල්ල ජයගැනීම වෙනුවෙන් එක් මතයක සිට පෙලගැසෙමු.

මාධ්‍ය ඒකකය 

ලංකා විදුලිබල මණ්ඩලයේ කාර්මික ශිල්පීන්ගේ සංගමය