ලංවිම පාලනාධිකාරිය හා වෘත්තීය සමිති අතර සාකච්ඡාව අද (2021 දෙසැම්බර් 07 ) සවස 02.00 ලංකා විදුලිබල මණ්ඩලයේ සාමාන්‍යාධිකාරීතුමන් ඇතුලු පාලනාධිකාරිය හා වෘත්තීය සමිති අතර විශේෂ සාකච්ඡාවක් පැවැත්විණ. විශ්‍රාම වයස 61 දක්වා ඉහල දැමීම පිලිබද ලංවිම සභාපතිතුමන් , උප සභාපතිතුමන් ,සාමාන්‍යාධිකාරීතුමන් ඇතුලු පාලනාධිකාරිය සමග සාකච්ඡා කිරීම සදහා ආරාධනා කර තිබුනද ලංවිම සභාපතිතුමන් හා උප සභාපතිතුමන් අමාත්‍යතුමා සමග සාකච්ඡාවකට සහභාගීවි ඇති බව දන්වා සාමාන්‍යාධිකාරීතුමන්ගේ ප්‍රධානත්වයෙන් සාකච්ඡාව ආරම්භවිය. ඒ අනුව ලංවිම සාමාන්‍යාධිකාරීතුමන් විසින් ඊයේ දින අතිගරු ජනාධිපතිතුමන් හා වෘත්තීය සමිති කිහිපයක් අතර පැවති සාකච්ඡා ව පිලිබද කරුණු දැක්වූ අතර එහිදි සාකච්ඡා කල කරුණු අතරින් ලංවිම අභ්‍යන්තර ගැටලු අභ්‍යන්තරයේ සාකච්ඡාකර විසදාගන්නා ලෙස ඉල්ලා සිටි බවත් එහි පලමු පියවර ලෙස මෙලෙස සාකච්ඡා ආරම්භ කල බවත් එතුමන්ටද අමාත්‍යතුමා සමග සාකච්ඡාවට සහභාගීවිමට ඇති නිසා සාකච්ඡාවේ මුලසුන නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (ව්‍යාපාර හා ආයතනික ක්‍රමෝපාය) නොයෙල් ප්‍රියන්ත මහතා වෙත භාරදී පිටව ගියේය. ඉන්පසු නියෝජ්‍ය සාමාන්‍යාධිකාරීතුමන් විසින් ඊයේ එනම් 2021 දෙසැම්බර් 06 දින අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමන් , ලංවිම පාලනාධිකාරිය , ඉංජිනේරූ සංගමය හා වෘත්තීය සමිති කිහිපයක් අතර පැවති සාකච්ඡාවේ කරුණු ඉදිරිපත් කරන ලෙස ඉංජිනේරූ සංගමයේ නියෝජිතයින්ගෙන් ඉල්ලා සිටියද එයට යහපත් ප්‍රතිචාරය නොලැබුන හෙයින් ස්වාධීන ඉංජිනේරු සංගමයේ නිලධාරීන් විසින් කරුණු දැක්විය. එහිදි LNG බලාගාරය පිලිබද ජනාධිපතිතුමා ඉදිරියේ ප්‍රමාණවත් ලෙස කරුණු දැක්වීමට ඉංජිනේරු සංගමය අපොහොසත්වූ බව පෙනිගිය බව හෙලිවිය. ඉන්පසුව නියෝජ්‍ය සාමාන්‍යාධිකාරීතුමන් විසින් සාමාන්‍යාධිකාරී සිට පහලම සේවකයා දක්වා විශ්‍රාම වයස 61 දක්වා දීර්ඝ කිරීම සදහා වන යොජනාව වෙනුවෙන් වෘත්තීය සමිතිවල එකගතාවය විමසූ අතර ඒ සදහා ඉංජිනේරූ සංගමය හැර අනෙකුත් වෘත්තීය සමිති සියල්ල එකගතවය පලකරන ලදී. එහිදී ඉංජිනේරූ සංගමය එයට එරෙහිවිමට හේතු විමසා සිටි අතර එහි නියෝජිතයින් සදහන් කලේ තම සංගමය හෝ නිලධාරීන් විශ්‍රාම වයස 61 දක්වා දීර්ඝ කිරීමට ඉල්ලා නොසිටිබවත් පාලනාධිකාරිය ලබාදෙන නිසා එය ලබාගන්නා බවත් එය සාමාන්‍යාධිකාරීතුමන් වෙත ලබාදීමට විරෝධය පලකරන බවත් සදහන් කරන ලදී. එහිදී වෘත්තීය සමිති ප්‍රශ්න කලේ එය කුමන පදනමකින් සිදුකරන විරෝධයක්ද යන්නයි. එහිදී සදහන් කලේ එය ඉංජිනේරු සංගමයේ තීරණයක් බවයි. එහිදී යලි වෘත්තීය සමිති ප්‍රශ්න කලේ එය වත්මන් සාමාන්‍යාධිකාරීතුමන් සදහා පමණක් දක්වන විරෝධයක් ද එසේ නොමැතිනම් අනෙකුත් සාමාන්‍යාධිකාරීතුමන්ලා වෙතද මෙම විරෝධය බලපාන්නේද ? අතිරේක සාමාන්‍යාධිකාරී (බෙ.අංශ.04) සාමාන්‍යාධිකාරීවූ පසු මෙම විරෝධය අත්හරින්නේද යන්නයි එහිදී ඉංජිනේරූ සංගමයේ නියෝජිතයන් පැවසුවේ එය එසේ නොවන බවත් ඒ සියලු දෙනා වයස අවුරුදු 60 විශ්‍රාම ගැනීමට එකගතාවය පලකර ලිපි භාරදී ඇති බවයි. අවසානයේ ඉංජිනේරු සංගමය හැර අනෙකුත් සංගම් විශ්‍රාම වයස 61 දක්වා දීර්ඝ කිරීමට එකගතාවය පලකරන ලදී. එහිදි නිදහස් සේවක සංගමයේ නියෝජිතයන් අදහස් දක්වමින් පුද්ගල චරිත ගොඩ නැගීමට , රජයේ උවමනාවන් ඉටුකිරීමට , කප්පම් ලබාදිම වෙනුවෙන් මෙම විශ්‍රාම යෝජනාව ලබා නොදෙන ලෙස ඉල්ලා සිටියේය. එමෙන්ම විදුලි සේවක සංගමයේ නියෝජිතයන් අදහස් දක්වමින් පැවසුවේ මෙම ක්‍රියාවලියට තමන් විරෝධය පලකලද දීර්ඝ සේවා තිලිණ අහිමිවී විශ්‍රාම යන සේවකයින් ගැන සිතා මෙම යෝජනාවට එකගවන බවයි. ඉන්පසු නියෝජ්‍ය සාමාන්‍යාධිකාරීතුමන් පැවසුවේ සේවකයින්ගේ තෘප්තිමත් භාවය වර්ධනය කිරීමට පාලනාධිකාරිය කැපවන බවත් එයට සහය දෙන ලෙසත්ය එහිදී අප සංගමයේ සභාපතිතුමන් සදහන් කලේ ලංවිම අති බහුතර සේවකයුන් දැඩි කලකිරිමෙන් සේවය කරන බවත් එයට හේතුව අසමානතාවයේන් සැලකීම බවත්ය ඒ සමග උණුසුම් තත්වයක් ඇතිවූ අතර අනෙකුත් වෘත්තීය සමිතිද කරුණු දැක්වීය. මේ අතරවාරයේ ඉංජිනේරු සංගමයේ සභාපතිතුමන් හා නිලධාරීන් පිරිසක් සාකච්ඡාවට පැමිණියද සභාපතිතුමන් හෝ සාමාන්‍යාධිකාරීතුමන් නොසිටීම නිසා එම ස්ථානයේන් නික්ම ගියේය. ඒ සමග ඉංජිනේරූ සංගමයේ නියෝජිතයන්ද පිටව ගියේය. ටික වේලාවකට පසු ඉංජිනේරූ සංගමයේ වෙනත් නියෝජිතයකු සාකච්ඡාවට පැමිණියේය. ඉන් අනතුරුව ජේෂ්ඨ ඉංජිනේරු සංගමයේ නියෝජිත මෙන්ම නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී නොයෙල් ප්‍රියන්ත මහතා , එම සංගමයේ අජිත් විතාන මහතා හා ඉංජිනේරු සංගමයේ චරිත දයාරත්න මහතා අතර ජනාධිපතිතුමන් සමග සාකච්ඡාව හා LNG ගිවිසුම පිලිබද ඉතා උණුසුම් වචන හුවමාරුවක් සිදුවූ අතර එය දිගින් දිගටම විවාදාත්මක තත්වයක් බවට පත්වී ලංවිම තුල නිර්මාණය වූ ඉංජිනේරු සේවා හා සහය සේවා වැටුප්තල නිර්මාණයවීම පිලිබද ඉතා උණුසුම් තත්වයක් දක්වා ඇදීගිය අතර එය ඇතිකරන මොහොතේ නිහඩව සිටීයේ මන්දැයි ඉංජිනේරූ සංගමයේ නියෝජිතයන් ප්‍රශ්න කල අතර එයට පිලිතුරු දුන් ජේෂ්ඨ ඉංජිනේරූ සංගමයේ නියෝජිතයන් සදහන් කලේ එවකට ඒ පිලිබද අභ්‍යන්තරයේ ඔවුන් සටන් කල බවත් අවසානයේ බහුතර මතයට එකගවූ බවත් එය නිවරදි කරන බවත්ය. ඉතා උණුසුම් වාග් සංග්‍රාමයකින් පසුව තාක්ෂණික ඉංජිනේරු හා අධිකාරි සංගමයේ හා ගණකාධිකාරි සංගමයේ නියෝජිතයන් අදහස් දක්වමින් සදහන් කලේ ලංවිම නැව ගිලමින් තිබෙන බවත් එය එකාමෙන් එක්ව ගිලීමට නොදී රැකගතයුතු බවත් මෙලෙස එකිනෙකාට චෝදනා කිරීම තුලින් සිදුවන්නේ රජයට හා අනෙකුත් පාර්ශව වෙත වාසිහිමිවන බවයි. ඉන්පසු පස්වරු 03.30 ට පමණ සාකච්ඡාව අවසන්වු අතර සාකච්ඡාව අවසනදී නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (ව්‍යාපාර හා ආයතනික ක්‍රමෝපාය) නොයෙල් ප්‍රියන්ත මහතාගෙන් හා ප්‍රධාන ඉංජිනේරු අජිත් විතාන මහතාගෙන් අප සංගමයේ සභාපතිතුමන් ඉල්ලාසිටියේ දැන අත්හිටුවා ඇති විදුලි අධිකාරි (අභ්‍යන්තර ) බදවාගැනිමේ විභාගය ඉතා ඉක්මනින් තාක්ෂණික සේවකයින් වෙත ලබාදෙන ලෙසයි. එහිදි කරුණු සොයාබලා ඉක්මනින් එයට විසදුමක් ලබාදෙන බවට පොරොන්දු විය. මේ අවස්ථාවට ලංවිම වෘත්තීය සමිති රැසක නියෝජිතයන් සහභාගීවිය මාධ්‍ය ඒකකය ලංකා විදුලිබල මණ්ඩලයේ කාර්මික ශිල්පීන්ගේ සංගමය