ලංකා විදුලිබල මණ්ඩලයේ තාක්ෂණික සේවකයින් අතර ආධුනිකත්ව පුහුණුලාභී සේවකයින් සිදුකරන කාර්යභාරය සුලුපටු නොවේ. ඔවුන් ලංවිම සේවයට එක්වූ දා සිට ඔවුන්ගේ වෘත්තීය අයිතීන් වෙනුවෙන් විවිධ අවස්ථාවන්හිදි අප සංගමය පෙනීසිටියෙමු. එහි ජයග්‍රහණ රැසක් ඔවුන්ට ලගාකර දෙන්නට අපට හැකිවිය. රැකියාවේ සුරක්ෂිතභාවයක් නොමැති මොහොතක සේවක අර්ථසාධක අරමුදල් අංකයක් ලබාදීමට ඇතැම් නිලධාරීන් හා දේශපාලකයින් එරෙහි වෙද්දි ඒ වෙනුවෙන් පෙනිසිටීමට අපට හැකිවිය. එමෙන්ම ඔවුන්ගේ වෛද්‍යාධාර යෝජනා ක්‍රමවෙදය සකස් කිරිම වෙනුවෙන් මෙන්ම ඔවුන් ලංවිම තුල ස්ථීර සේවය බදවාගැනිම වෙනුවෙන් ආරම්භයේ සිට සටන් කල අතර ඒ සටන ජයග්‍රහණය කරන තුරු අප තවදුරටත් පෙනී සිටින්නෙමු. මේ සියලු සටන්වලදී අපට සහයදුන් එවකට අමාත්‍යවරුන්වූ මංගල සමරවීර , සාගල රත්නායක , රවී කරුනාණායක, ඩලස් අලහප්පෙරුම මුදල් හා විදුලිබල අමාත්‍යංශ ලේකම්වරු හිටපු සභාපති ඩබ්.බි. ගනේගල , රඛිත ජයවර්ධන , විජිත හේරත් , හිටපු ක්‍රියාකාරී අධ්‍යක්ෂතුමා , හිටපු සාමාන්‍යාධිකාරී සමරසිංහ , කුමුදිනී හේරත් යන මහත්ම මහත්මීන් මෙන්ම අතිරේක සාමාන්‍යාධිකාරී (වත්කම් කලමනාකාරන ) සෙනජිත් දසනායක , නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (පිරිස්) පාලිත පෙරේරා , නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (සෞඛ්‍ය හා සේවක සුරක්ෂිතතාව ) , නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (පුහුණු ) කොලොන්න මහතා ප්‍රධාන ඉංජිනේරු (ප්‍රතිපත්ති ) මොහොමඩ් ඉර්ෂාඩ් , ප්‍රධාන ඉංජිනේරු (සෞඛ්‍ය හා සේවක සුරක්ෂිතතාව ) ප්‍රභාත් කරුනාරත්න යන මහත්වරුන් ඉතා කෘතවේදීව සිහිපත් කිරීමට අවස්ථාවක් කරන්නෙමු. ලංවිම ආධුනිකත්ව පුහුණුලාභී සහෝදරයින් ස්ථීර සේවයට බදවාගැනිම කඩිනම් කිරීම වෙනුවෙන් කොන්දේසි විරහිතව අප පෙනීසිටින්නෙමු. එමෙන්ම අප සංගමය ආධුනිකත්ව පුහුණුලාභී සහෝදරයින් වෙනුවෙන් හෝ වෙනත් ඕනැම තාක්ෂණික සහෝදරයකු වෙනුවෙන් පෙනී සිටීමේදි අප සංගමයේ සාමාජිකත්වය ලබාගැනිම නොගැනීම පිලිබද අවදානය යොමු නොකරන අතර සියලු දෙනා ලංවිම තාක්ෂණික සේවකයින් බැවින් සැමට සාධාරණය ඉටුකිරීම වෙනුවෙන් කොන්දේසි විරහිතව පෙනී සිටින බවද අවදාරණය කරමු. - මාධ්‍ය ඒකකය ලංකා විදුලිබල මණ්ඩලයේ කාර්මික ශිල්පීන්ගේ සංගමය