Covid 19 තත්වය සමග රට තුල සෞඛ්‍ය මාර්ගෝපදේශ ඉතා තදින් ක්‍රියාත්මක විය. එමෙන්ම පිලියන්දල ඇතුලු ලංවිම පුහුණු මධ්‍යස්ථාන covid 19 අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථාන බවට පත්විය. ඒ සමග සියලු පුහුණු පාඨමාලා තාවකාලිකව නතරවිය. එහි ප්‍රතිපලයක් ලෙස මේ වනවිට උසස්වීම් රැසක් ප්‍රමාදවී තාක්ෂණික සේවකයින් දැඩි අපහසුතාවයට පත්ව තිබේ.

මෙයට විසදුම ලෙස නවීන තාක්ෂණය ඔස්සේ පුහුණු පාඨමාලා පැවැත්විමට අප සංගමය ඇතුලු වෘත්තීය සමිති යෝජනා කලද ප්‍රායෝගික පුහුණුව තුලදී පවතින දුෂ්කරතා නිසා එය නොපැවත්විනි. කෙසේ උවද දැන් රට සාමාන්‍යකරණය වෙමින් ඇත. අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථාන ඉවත්කර ඇත. මේ නිස හැකි ඉක්මනින් පුහුණු පාඨමාලා පවත්වා උසස්වීම් පිරිනමන ලෙස අප ඉල්ල සිටින්නෙමු. එසේ නොවන්නේනම් තාක්ෂණික සේවකයින් වෙත බලවත් අසාධාරණයන් රැසක් සිදුවේ. ඒ වෙනුවෙන් අප පෙනි සිටින්නෙමු. -

මාධ්‍ය ඒකකය ,

ලංකා විදුලිබල මණ්ඩලයේ කාර්මික ශිල්පීන්ගේ සංගමය