ලංකා විදුලිබල මණ්ඩලයේ කිරිඳිවැල විදුලි ඉංජිනේරූ කාර්යාලය පිහිටුවා වසරක් සම්පූර්ණ වීම නිමිති කරගනිමින් අඩු ආදායම්ලාභී ශ්‍රවන අපහසුතා ඇති පවුලක විදුලි සිහිනය සැබෑ කරවීමට කිරිඳිවැල විදුලි ඉංජිනේරූ කාර්යාලයට අයත් කාර්ය මණ්ඩලයට හැකිවිය. මෙම නිවසට විදුලිය ලබා දීම,විදුලි උපකරණ ලබා දීම හා අත්‍යවශ්‍ය වියළි ආහාර ද්‍රව්‍ය ලබා දීම කිරිදිවැල ප්‍රාදේශීය විදුලි ඉංජිනේරු තරිඳු විමලසේකර මහතාගේ සහ කාර්ය මණ්ඩලයේ ප්‍රධානත්වයෙන් 2021 දෙසැම්බර් 16 දින සිදු විය. ලංවිම සේවක සමගිය පෙන්නුම් කරමින් මේ උතුම් සද්ක්‍රියාවට දායකත්වය ලබාදුන් කිරිදිවැල ප්‍රාදේශීය විදුලි ඉංජිනේරුතුමා,සියලු විදුලි අධිකාරි මහතුන්,සියලූම තාක්ෂණික සේවකයින් , කාර්යල සේවක මණ්ඩලය ඇතුලු දායකත්වය ලබාදුන් සැමට අප සංගමයේ ගෞරවනීය ප්‍රණාමය පුදකරමු. එම යුවලට මේ ලැබුනු ආලෝකය ජීවිතේට ආලෝකය ලගාකරන නෙත් පෑදෙන්න ආශිර්වාදය ලැබෙන එකක් වේවායි අප ප්‍රාර්ථනා කරමු. - මාධ්‍ය ඒකකය , ලංකා විදුලිබල මණ්ඩලයේ කාර්මික ශිල්පීන්ගේ සංගමය