ආධුනිකත්ව පුහුණුලාභී සහෝදරයින්ගේ ගැටලු පිලිබද පාලනාධිකාරිය සමග කල සාකච්ඡාව.

2022.02.17 එනම් අද දින අප සංගමයේ සභාපතිතුමන්

01.ලංවිම තුල දැනට පුහුණුව ලබන ආධුනිකත්ව පුහුණුලාභී         සහෝදරයින්ගේ වැටුප් වැඩිකිරීම

02.තුන්වන කණ්ඩායම ස්ථීර සේවයට අන්තර්ග්‍රහණය කිරීම           ප්‍රමාදවිම

03.වෛද්‍යාධාර යෝජනා ක්‍රමවෙදයට අදාල චක්‍රලේඛය ප්‍රමාද        වීම පිලිබද

පාලනාධිකාරියේ අදාල බලධාරීන් සමග සාකච්ඡා කරන ලදී. 

ඒ අනුව තුන්වන කණ්ඩායමේ විභාගය සමත්වී NVQ 4 සහතිකය හිමිකරගත් සියලු සහෝදරයින් ස්ථීර සේවයට අන්තර්ග්‍රහණය කිරීමට අදාල සම්මුඛ පරීක්ෂණය බොහෝදුරට  2022 පෙබරවාරි 28 දින සිට පැවැත්වෙනු ඇති බවත් ඒ සදහා අවශ්‍ය කටයුතු මේ දිනවල සිදුකරමින් පවතින බව ලංකා විදුලිබල මණ්ඩලයේ මානව සම්පත් කළමනාකාරතුමිය අප සංගමයේ සභාපතිතුමන් වෙත දැනුම්දෙනු ලැබුවා.

පසුව අප සංගමයේ සභාපතිතුමන් ප්‍රධාන ඉංජිනේරු (ප්‍රතිපත්ති ) මොහොමඩ් ඉර්ෂාඩ් මැතිතුමන් මුණගැසී අප සංගමය දිගින් දිගටම කල සටනක ප්‍රතිපලයක් ලෙස 2021 මාර්තු 15 වන දින එවකට සභාපතිතුමන් ඇතුලු අධ්‍යක්ෂ මණ්ඩලය විසින් අනුමැතිය ලබාදුන් ආධුනිකත්ව පුහුණුලාභී සේවකයින් සදහා වන වෛද්‍යාධාර යෝජනා යෝජනා ක්‍රමයට අදාල චක්‍රලේඛය මාස 11 ගතවී තිබියදිත් නිකුත් නොකිරීම පිලිබද සාකච්ඡා කෙරුණි. එහිදී එතුමා සදහන් කලේ එතුමාගෙන් පාර්ශවයෙන් සිදුවියයුතු සියලු කටයූතු සිදුකර ඇති බවත් උක්ත චක්‍රලේඛය පිලිබද කරුණු දැක්වීමට ලංවිම සියලු නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී(ආයතනික)වරුන් වෙත යොමුකර ඇති බවත් ඒ සදහා අනුමැතිය මෙතෙක් ලැබී නොමැති බවත් එලඹෙන මාර්තු මුල් සතියේ නියෝජ්‍ය  සාමාන්‍යාධිකාරී(ආයතනික)වරුන්ගේ කමිටුව රැස්වි මේ පිලිබද සාකච්ඡා කර කඩිනමින් චක්‍රලේඛය නිකුත් කිරීමට හැකියාව ලැබෙනු ඇතැයි තමන් අපේක්ෂා කරන බව සදහන් කරන ලදි. පසුව අප සංගමයේ සභාපතිතුමන් අතිරේක සාමාන්‍යාධිකාරී (වත්කම් කළමනාකරණ) සෙනජිත් දසනායක මැතිතුමන් දැනුවත් කරන ලද අතර ඒ පිලිබද කඩිනම් අවදානය යොමුකරන බව එතුමා සදහන් කරන ලදී.

ඉන් පසු ප්‍රධාන ඉංජිනේරු (ප්‍රතිපත්ති)ගෙන් අප සංගමයේ සභාපතිතුමන් විමසා සිටියේ ලංවිම උප සභාපතිතුමන් 2021.12.10 දින පොරොන්දුවූ ආධුනිකත්ව පුහුණුලාභී සහෝදරයින්ගේ දෛනික දීමනා වැඩිකිරීම සහ 2022.01.18 දින දුරකථනය ඔස්සේ ඒ පිලිබද උප සභාපතිතුමන්ගෙන් කල විමසීමකදී සදහන් කල උක්ත වැටුප් වැඩිකිරීමේ අධ්‍යක්ෂ මණ්ඩල පත්‍රිකාව අධ්‍යක්ෂ මණ්ඩලය වෙත යොමු නොවීම පිලිබද අවදානය යොමුකරන ලදී. එහිදී එතුමා සදහන් කලේ  ඒ පිලිබද කරුණු සොයාබැලිමට අතිරේක සාමාන්‍යාධිකාරී (වත්කම් කළමනාකරණ )සෙනජිත් දසනායක මැතිතුමන් , නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී(පුහුණු) හා ගණකාධිකාරිවරයකුගෙන් සමන්විත කමිටුවක් පත්කර තිබූ බවත් එහි වාර්තා හා නිර්දේශ ලංවිම සාමාන්‍යාධිකාරී වෙත භාරදි ඇති බවත්   මෙතෙක් එය තමන් වෙත නොලැබුනු බවත් ඒ පිලිබද සාමාන්‍යාධිකාරී කාර්යාලයෙන්  විමසන ලෙස දන්වන ලදී.  පසුව අප සංගමයේ සභාපතිතුමන් සාමාන්‍යාධිකාරීතුමන්ගේ සම්බන්ධීකරණ ලේකම්තුමියගෙන් මේ පිලිබද කරුණු විමසූ අතර එතුමිය සදහන් කලේ එතුමිය වෙත මෙතෙක් එවැනි කිසිදු ලේඛනයක් ලැබී නොමැති බවත් ඒ පිලිබද සාමාන්‍යාධිකාරී කාර්යාලයේ ප්‍රධාන ලිපිකාරිනියගෙන් විමසන ලෙස දැනුම් දෙන ලදී. පසුව එතුමිය හමුවී මේ පිලිබද විමසූ අතර එහිදී එතුමිය අදාල කමිටු වාර්තාව භාරදුන් දිනය අවශ්‍ය බව සදහන් කරන ලද අතර එම දිනය කිසිවකු දැනුවත් නොමැති බැවින් ඒ පිලිබද අතිරේක සාමාන්‍යාධිකාරී (වත්කම් කලමනාකාරන) ශාඛාවෙන් විමසන ලෙස දැනුම් දෙන ලදි. ඒ අනුව එම කාර්යාලයේදී අතිරේක සාමාන්‍යාධිකාරීතුමන් හමුවූ අතර එහිදී එතුමා සදහන් කලේ එම කමිටු වාර්තාව සාමාන්‍යාධිකාරී කාර්යාලට භාරදුන් බවත් ඒ පිලිබද නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (පුහුණු) ගෙන් විමසා තොරතුරු ලබාදෙන ලෙස එම ශාඛාවේ ප්‍රධාන ලිපිකාරිනිය වෙත පැවරු අතර එතුමිය නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (පුහුණු ) දුරකථන ඔස්සේ සම්භන්ධ කරගත් අතර ඒම කමිටු වාර්තාව සකස්කර වැටුප් වැඩිකිරීමට නිර්දේශ ලබාදී සාමාන්‍යාධිකාරී කාර්යාලයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (සම්බන්ධීකරණ ) වෙත භාරදුන් බවත් එය පසුගිය සැප්තැම්බර් හෝ ඔක්තෝබර් මස භාරදුන් බව සදහන් කල අතර යලි අප සංගමයේ සභාපතිතුමන් සාමාන්‍යාධිකාරී කාර්යාලයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරීතුමන් (සම්බන්ධීකරණ ) මුණගැසී විමසීමක් කරන ලදී එහිදී එතුමා දුරකථනය ඔස්සේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (පුහුණු ) සම්බන්ධ කරගෙන මේ පිලිබද විමසූ අතර එහිදී එතුමා පෙර පිලිතුරම ලබාදුන් අතර පසුව එම කමිටු වාර්තාව පරිඝණක පද්ධතිය තුලින් සොයාබලන ලෙස සාමාන්‍යාධිකාරී කාර්යාලයේ නිලධාරීන් වෙත යොමුකල අතර එහිදී අස්ථානගතවී තිබූ 2021 සැප්තැම්බර් මස 08 වන දින භාරදුන් කමිටු වාර්තාව සොයාගන්නා ලදී. ඉන් අනතුරුව ඒ පිලිබද නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (සම්බන්ධීකරණ) මෙරිල් ගුණතිලක මැතිතුමන් දැනුවත් කල අතර එතුමා සදහන් කලේ මේ කමිටු වාර්තාව ගැන සොය බලා කඩිනමින් සාමාන්‍යාධිකාරීතුමන් වෙත යොමු කිරීමට කටයුතු කරන බවයි. ඉන් පසු මේ පිලිබද අතිරේක සාමාන්‍යාධිකාරී (වත්කම් කළමනාකරණ )  ද දැනුවත් කරන ලද අතර එතුමා ඒ පිලිබද විශේෂ අවදානය යොමුකර අදාල කටයුතු සිදුකරන බව සදහන් කරන ලදී.

කෙසේවුවද මෙම සිදුවීම ඉතාම අවාසනාවන්ත තත්වයක් බව අපට හැගීයයි. මන්ද  ලංවිම ස්ථීර සේවකයින් සමග උරෙනුර ගැටෙමින් සියලු දුක්ක දෝමනස්සයන් විද දරාගනිමින් දෛනික පදනමට වැටුප් ලබන සාමාන්‍ය ජනතාව ලබනා වැටුපට වඩා ඉතා අවම රුපියල් 1500 අඩු දෛනික වැටුප් ලබන ආධුනිකත්ව පුහුණුලාභී සහෝදරයින්ට මෙසේ සලකන්නේ මේ වැඩිකිරිම තුලින් කිසිම ඉහල නිලධාරීයකුට හෝ අනෙකුත් නිලධාරීන්ට වෙත වාසියක් අත් නොවන නිසා ඉහත වාර්තාව අස්ථානගතවූවාදැයි අපට හැගීයයි. 

එසේවූයේනම් එය අප සංගමය දැඩි ලෙස හෙලා දකින්නෙමු.

ආධුනිකත්ව පුහුණුලාභී සහෝදරයින් වසර හතරකට පසු එක්වන්නේ ලංවිම ස්ථීර  සේවයට බවත් ඔවුන් පුහුණු කාලය තුලද ලංවිම මාතාවගේ දරුවන් බව ඇතැම් උසස් නිලධාරීන් හා ඇතැම් පිරිස් වෙත වැටහී නොමැතිවීම මෙසේ කුඩම්මාගේ සැලකිල්ල දැක්වීමට හේතුවවී ඇත. කෙසේවුවද වෘත්තීය සමිති අයිතින් සීමා කර ඇති අසරණව සිටින ආධුනිකත්ව පුහුණුලාභී සහෝදරයින් වෙත යුක්තිය ඉටුකරන තුරු අප සංගමය කොන්දේසි විරහිතව පෙනී සිටින්නෙමු.  ඉහත කරුණු තුන පිලිබද අප සංගමය තවදුරටත් අවදානයෙන් සිටින බව අවදාරණය කරමු.

මේ කටයුතු වෙනුවෙන් අප සංගමයට සහය ලබාදුන් අතිරේක සාමාන්‍යාධිකාරී (වත්කම් කලමනාකාරන ) සෙනජිත් දසනායක මැතිතුමන්ට , ප්‍රධාන ඉංජිනේරු (ප්‍රතිපත්ති ) මොහොමඩ් ඉර්ෂාඩ් මැතිතුමන්ට, අතිරේක සාමාන්‍යාධිකාරී  (වත්කම් කලමනාකාරන ) කාර්යාලයේ ප්‍රධාන ලිපිකාරතුමිය ඇතුලු සමස්ථ කාර්ය මණ්ඩලයට අප සංගමයේ විශේෂ ස්තුතිය පිරිනමු. 


මාධ්‍ය ඒකකය

ලංකා විදුලිබල මණ්ඩලයේ කාර්මික ශිල්පීන්ගේ සංගමය