කප්පාදුව

ලංකා විදුලිබල මණ්ඩලය දැඩි මූල්‍ය අර්බුදයකය. එය ලංවිම සේවකයින් පමණක් නොව රටම හොදින් දනී. එවන් පසුබිමක පාලනාධිකාරිය සේවකයින් පීඩාවට පත්කර ඇත. 

අතීතයේ වැරදි නිවරදි කල යුතුය. නමුත් දැන් අතීතයට සාපකරමින්  අනාගතය දැකිය නොහැක කලහැක්කේ කැපකිරීම් කිරීමය. එහෙත් ලංවිම පාලනාධිකාරිය හා ඉංජිනේරූ සංගමය කෑපකිරීම් කිරීමට ඉල්ලන්නේ පහල සේවකයාගෙන් පමණි. ඔවුන් පෙරසේ රිසි සේ සිය බලය පාවිචිචි කරමින් සැප ජීවිත ගතකරමින් සිටි. 

මේ ආයතනය මේ අර්බුදයට ඇද දැමුවේ ඉංජිනේරු සංගමය හා ඔවුන්ගේ පදයට නටන පාලනාධිකාරියයි. දේශපාලකයන්ට උවමනා ලෙස ඔවුන්ගේ මනදොල පිරවීම සදහා ඕනෑම  අසූචි වලක බැසීමට ඔවුන් හුරුවී තිබේ. දූෂිත ව්‍යාපාරිකයා ඔවුන්ට අත්වැල් සපයමින් සිටී.  අද ලංවිම සේවකයින් වෙත කැපකිරිම් කිරීමට උපදෙස් දෙන පාලනාධිකාරිය ඉංජිනේරූ මහතුන් සතු දිමනා එකකට හෝ අත තැබුවේද ? ඔවුන් ඒව කැපකලේද ?  නැත. ලංවිම කොන්ත්‍රාත්කරණය යහමින් සිදුවෙමින් තිබේ. ලංවිම මුදල් නොමැති බව පවසමින් තාක්ෂණික සේවකයින්ගේ අතිකාල කප්පාදුව සිදුවන විට පාලකයන් කොන්ත්‍රාත්කරුවන් සුරලොව රැගෙන යමින් තම මඩිය තරකරගනිමින් සිටී. මිලියන 480 වන ලංවිමට අයවීමට ඇති විදුලිබිල් අයකරගැනිමට ක්‍රමවේදයක් මෙතෙක් සකසා නැත. ඇතැම් තැන්වල හිතවත්කම් මත විදුලි විසන්දිය නවතා ඇත. මේවට නිලධාරීන් නැහූ කන්සේ සිටිමින් පහල සේවකයා පීඩාවට පත් කරමින් සිටී.

අද පහල සේවකයින්ට අතිකාල නැත , සංයුක්ත දීමනා නැත, උසස්වීම් නැත, පුහුණුව නැත, වෛද්‍යාධාර නැත, උත්සව අත්තිකාරම් නැත, වෛද්‍ය ප්‍රතිකාර මුදල ප්‍රතිපූර්ණය කල නොහැක, ආපදා ණය නැත, රථ වාහන ණය නැත එහෙත් පලිගැනීම් ඇත. නිලධාරීන්ට මේ කිසිවක් ගැටලුවක් වී නැත. ඒ ඔවුන් තම ආර්ථිකය ලංවිම මාතාව බිල්ලට තබා සකසාගෙන ඇති නිසාය.

එසේනම් ලංවිම සේවකයින්ට දැන් ඉතිරිව ඇත්තේ විකප කිහිපයකි

01. මේ සියල්ල දෙස තවදුරටත්  නිහඩව බලා සිට ලංවිම තවත්        ලංගමක්  බවට පත්කිරීම

02. ලංවිම පෞද්ගලිකරණයට ඉඩදී බලා සිටිම

03. ඉංජිනේරු සංගමය ප්‍රමුඛ පාලකයන්ගේ මේ                           අත්තනෝමතික වැඩපිලිවෙලට එරෙහිව අරගල කිරීම

එසේ නොවේනම් ඉංජිනේරු සංගමය සද්භාවයෙන් කැපකිරීම් කිරීම ආරම්භ කර පහල සේවකයා වෙත නම්‍යශීලීවි ඔවුන් සමග සමගියෙන් කටයුතු කර ලංවිම බේරාගැනීම කලයුතුය.

එසේ නොවන්නේ නම් අනාගත පරපුරට ලංකා විදුලිබල මණ්ඩලයක් ඉතිරි නොවනු ඇත.

එසේනම් උද්දච්චකම පසෙකලා මහ පොලවේ පයගැසීමට ඉංජිනේරු සංගමය හා පාලනාධිකාරිය දැන්  කටයුතු කලයුතුමය.

මාධ්‍ය ඒකකය 
ලංකා විදුලිබල මණ්ඩලයේ කාර්මික ශිල්පීන්ගේ සංගමය 
2022 අප්‍රේල් 07