සම්මුඛ පරීක්ෂණයට දින ලැබේ 

2019 වසරේ අධිකාරි (අභ්‍යන්තර) විභාගය සමත්වු අපේක්ෂකයින් 89 දෙනා වෙත සම්මුඛ පරීක්ෂණ නොපැවැත්විම පිලිබද අද 2022 අප්‍රේල් 07 අප සංගමයේ සභාපතිතුමන් ලංවිම පාලනාධිකාරියේන් විමසීමක් කරන ලදී. 

ඒ අනුව උක්ත විභාගය සමතුන් වෙත සම්මුඛ පරීක්ෂණ පැවැත්වීමට අවශ්‍ය සම්මුඛ පරීක්ෂණ කමිටුව පත්කර ඇති බවත්. සම්මුඛ පරීක්ෂණයට සුදුසුකම් ලැබූ සේවකයින් පිරිසකගේ රහස්‍ය වාර්තා ඒ ඒ මානව සම්පත් කාර්යාල වෙතින් මෙතෙක් නොලැබීම නිසා සම්මුඛ පරීක්ෂණ දිනයක් නිර්ණය කල නොහැකිබව දන්වන ලදී. කෙසේවුවත් අප්‍රේල් මස අවසානයේ හෝ මැයි මස මුල සම්මුඛ පරීක්ෂණ පැවැත්වීමට අවශ්‍ය කටයුතු ඉතා කඩිනමින් සකසන බව දැනුම් දෙන ලදී. 

මේ සම්මුඛ පරීක්ෂණය සදහා 2019 වසරේ විභාගය සමතුන් ඇතුලු 121 දෙනෙකු සුදුසුකම් ලබා ඇත.

මාධ්‍ය ඒකකය
ලංකා විදුලිබල මණ්ඩලයේ කාර්මික ශිල්පීන්ගේ සංගමය 
2022 අප්‍රේල් 07