ලංවිම තාක්ෂණික සේවකයින්ගේ මූලික ඉලක්ක අතර ප්‍රමුඛතාව වන්නේ විදුලි අධිකාරිවරයකු බවට පත්විමයි. එම ඉලක්කය ජයග්‍රහණය කිරීම වෙනුවෙන් ඉතිහාසය පුරා ලැබු අවස්ථාව මතින් තාක්ෂණික සේවකයින් සිය උපරීම අවස්ථාවන් ලබාගත්තේය. කාලය ගතවත්ම එය කප්පාදුවට ලක්කිරීමට ලංවිම අන්තවාදී නිලධාරීන් උත්සහ කලේය. එහි ප්‍රතිපලය අනිටු ලෙස භුක්ති විදීමට අද තාක්ෂණික සේවකයින්ට සිදුව තිබේ. අප සංගමය නිරන්තරයෙන් විදුලි අධිකාරි (අභ්‍යන්තර ) බදවාගැනිම වෙනුවෙන් පෙනීසිටියේ විවිධ අභියෝග මැදය. අද වනවිට උක්ත විභාගය අත්හිටුවීමට අත්තනෝමතික තීරණයක් ගැනීමට පාලනාධිකාරිය තීරණය කර ඇත. මෙය කෙතරම් බලවත් අසාධාරණයක්ද ? මෙයට තාක්ෂණික සේවකයින් එකාමෙන් නැගි සිටිය යුතුය. තම ඒකාධිපති බලය පහලම සේවකයා මත යොදවමින් සිදුකරන මෙම නිර්ලජ්ජිත ක්‍රියාවලිය පිලිකුල් සහගතය. එයට වක්‍රව සහය දක්වන පාර්ශවද සිදුකරන්නේ මෙමගින් ඔවුන්ටම වලකපා ගැනීමකි. අපට ගැටලුව ඇත්තේ මෙම විභාගය අත්හිටුවීමට හෝ කප්පාදුවට ලක්කිරීමට පාලනාධිකාරියට බලපැම් කරන්නේ කවුද යන්නයි. මන්ද දෙපාර්ශවයක් සිදුකරන්නේ එකිනෙකට ඇගිල්ල දිගුකිරීමයි. මේ සියල්ලෙ ප්‍රතිපල සැමට භුක්තිවිදින්නට සිදුවන කාලය වැඩි ඈතක නොවන බව අපගේ හැගීමයි. ලංවිම පිලිබද අත්දැකිම් පලපුරුද්ද හැකියව දැනූම වඩාත් ඇත්තේ තාක්ෂණික සේවකයින්ට බව වැඩබිම තුල හොදින් පෙන්නුම් කරයි. ප්‍රායෝගිකව රාජකාරිය තුල හැකියාවන් පෙන්නුම් කරන්නට තාක්ෂණික සේවකයින් ලෙස සිට උසස්වීම් ලද විදුලි අධිකාරිවරුන් සමත්කම් දක්වා ඇත. එම නිසා ලංවිම පාලනාධිකාරිය සත්‍ය අවබෝධ කරගතයුතුය. උසස්වීම් හා බදවාගැනිම් පඨිපාටියට හා ඉංජිනේරු සභා පනතට මුවාවි ලංවිම නිලධාරීන් සිදුකරන්නේ කුලවාදය මෙන් එක්තරා පැලැන්තියකට ලංවිම තාක්ෂණික සේවකයින්ගේ වෘත්තීය අයිතින් ගිලගැනීමට ඉඩ දීමයි. මෙය එරෙහිව අප දැඩිව පෙනීසිටින්නෙමු. ඒ සැබවින්ම සද්භාවයෙන් මිස පටු ලාභ වෙනුවෙන් නොවන බව සිහිපත් කරන්නෙමු.- මාධ්‍ය ඒකකය ලංකා විදුලිබල මණ්ඩලයේ කාර්මික ශිල්පීන්ගේ සංගමය